Posts

Showing posts from August, 2017

Parts of Speech in English described in Sinhala

අපි ඉංග්‍රීසි භාෂාවේදී වාක්‍යයක් ගොඩනගන කොට ඒ ගොඩනගන වාක්‍යය ගොඩනැගෙන්නෙ හුඟක් වචන වල දායකත්වයකින්. අපි මේවාට කියන්නෙ 'Parts of Speech' කියලා. ඒකෙ තේරුම තමයි ඒ හැම වචනයක්ම විවිධ විවිධ ඛාණ්ඩයන් වලට වර්ගීකරනය වෙලා තියනවා කියන එක. 01. Noun 'Noun' කියන්නෙ සිංහලෙන් 'නාම පද' වලට කියලා දන්නවා. මෙන්න මේ 'Noun' වලට අදාල වෙන්නෙ පුද්ගලයෙක්, ස්ථානයක් හෝ යම්කිසි දෙයක්. පහත උදාහරණ වල 'Noun' භාවිතා වෙලා තියෙන හැටි බලන්නකෝ. * Parakramabhahu was a great king * Polonnaruwa is a ancient country * Facebook is a social network (Nouns - Parakramabahu, Polonnaruwa, Facebook) 02. Pronoun 'Pronoun' අපිට පාවිච්චි කරන්න පුළුවන් 'Noun' එකක් වෙනුවට. පහත උදාහරණ බලන්න. * Amanda wasn't class today because she was ill (Pronouns - She) 03. Verb 'Verb' කියන්නෙ වාක්‍යයක යෙදෙන 'ක්‍රියා පද' වලට කියලා අපිට කියන්න පුළුවන්. මෙන්න මේ 'Verb' වාක්‍යයක යෙදෙන්නෙ යම්කිසි ක්‍රියාවක් විස්තර කරන්න වගේම යම්කිසි තත්ත්වයක් විස්තර කරන්න....